How to see saved Passwords ( Save කරපු මුරපද බලමුද? )

Viewed 303 times
Updated Nov 16

ඔන්න හා හා පුරා කියල අලුතින්ම පටන් ගත්තු blog එකේ මුලින්ම කියල දෙන්න යන්නේ පුංචි trick එකක් ගැන. මේ ගැන අපේ කස්ටිය දන්නවත් ඇති. ඔන්න ඉතින් නොදන්න ඈයෝ ටික එහෙනම් අහගන්නකෝ හොදේ.

අපි දැන් ඔය එක එක website වලට log වෙන්න passwords දෙනවනේ. ඉතින් ඕනිම තැනක username එක type කොරද්දී ඒක අපිට plain text වලින් පේන්න තිබ්බට password එක type කරන කොටුවේ අපිට පෙන්නන්නේ තිත් ( dots ) ගොඩක්නේ නේද?

ඒ මොකද එහෙම හදල තියෙන්නේ? සරලයි. ඔයා password එක type කරන වෙලාවේදී කිසිම කෙනෙක්ට screen එකේ ඈතින් ඉදල පේන්න බැරි වෙන්නනේ.
ඉතින් අපිට ඕනි නම් පුළුවන් මේ සලකුණුවලට යටින් තියන පාස්වර්ඩ් display කර ගන්න. මේක ඉතින් ටිකක් හොර වැඩක්. ඔයාම password එක type කරනවා නම් ඉතින් තමන්ගේ එක බලන්න අවශ්‍ය වෙන්නේ නෑ.
හිතන්න ඔයාගේ
යාළුවගේ, කෙල්ලගේ හෝ කොල්ලගේ PC එකේ browser  එකේ save කරලා තිබ්බොත් password එක මන් මේ කියල දෙන  ක්‍රමේ මඟින් ඉතාමත් ලේසියෙන් හොයාගන්න පුළුවන්.

ඔන්න බලාගන්නකෝ

1) Screenshot එකේ තියෙන විදිහට Password එක පෙන්නන තැන උඩ right click කරන්න.

 

2) එකේ ඇති Inspect Element කියල Option එකක්. ඒක select කරන්න.

 

මේ tool එක devlopersla නම් හුගක් use කරනවා. Site එකේ HTML elements Render වෙලා තියෙන විදිය මේකෙන් ලස්සනට බලාගන්න පුළුවන්. ඉතින් ඔය ගොල්ලොන්ට Front end එකේ වෙනසක් කරලා Live බලන්න පුළුවන් Backend එකේ codes වෙනස් නොකර. හරි හරි ඒ scene පස්සේ කියල දෙන්නම්කො

 

3) ඔයා password එක type කලේ Textbox එකක. ඒක HTML වලදී Input Field එකක් කියල තමයි පෙන්වන්නේ. ඉතින් screenshot එකේ තියෙන විදියට input එක හොයාගෙන එකේ ඇති type=”password” කියල තැනක්.

 

4) ඔය Password කියන තැන double click කරන්න,එතකොට ඒක ඔය ගොල්ලොන්ට edit කරන්න පුළුවන්. දැන් Password කියන එක delete කරලා Text කියලා type කරලා Enter කරන්න.

 

වෙනස දුටුවාද? :)

 

 



Share your thoughts