What is Dedicated Hosting?

Viewed 89 times
Updated Nov 18

ඉතින් ඔන්න web hosting පාඩම් මාලාවේ හතර වැනි දිග හැරුම තමයි මේ. ඔයා මේ පාඩම් මාලාවේ මුල ඉදන් සිටියේ නැත්නම් පහත article ටික කියවල මූලික දැනුම ලබා ගෙන ආව නම් වටිනවා.

ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ තවත් hosting ක්‍රමයක් ගැන. ඒ තමයි dedicated hosting.

හරි dedicated කියන නම ගමුකො. ඒ කියන්නේ යම්කිසි දෙයක් වෙනුවෙන් කැපවුණු කියන අර්ථයයි. කතාව ඇත්ත. මොකද dedicated hosting වලදී ඔයාට ලැබෙන්නේ ඔයාටම කියල තනි පරිගණකයක්. කිසිම resource එකක් වෙන කවුරුවත් එක්ක share වෙන්නේ නෑ. හරියට ඔයාගේ ගෙදර තියෙන personal PC එක වගේ. ඔයාගේ PC එකේ ඔයාට කැමති ඕනිම දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ තියෙන website එකට ලොකු hit එකක් daily තියෙනවා නම් , usersla ලොකු ගාණක් නිතරම online ඉන්නවා නම් කොටින්ම ඔයා profitable large scale website එකක අයිතිකාරයෙක් නම් අනිවාර්යෙන් ඔයාගේ hosting plan එක විය යුත්තේ dedicated වේ.

ඉතින් අපි බලමු මේ hosting ක්‍රමයේ පවතින වාසි සහ අවාසි

Dedicated Hosting ක්‍රමයේ වාසි

  • ඔයාගේ server එකේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ ඔයාට.  ඒ හින්දා ඔයාට හිතෙන customization එකක් කැමති හැටියකට කර ගන්න පුළුවන්.
  • ඔයාගේ server එකේ resources වෙන කව්රුවත් එක්ක share වීමක් නෑ. ඒ හින්ද machine එකේ full power එක ඔයා සතුයි.
  • Server Up time එක ඉතාමත් ඉහල අගයක් ගන්නවා. හදිසියේවත් server එකක් power failure එකක් වෙලා down උනත් hosting provider ගේ විශේෂ අවදානය ඔබ වෙත යොමු වෙනවා. මොකද ඔයා මේ වෙනුවෙන් ලොකු ගණනක් pay කරන නිසා ( වෙනත් hosting ක්‍රම වලට සාපේක්ෂව )
  • Security එක අතින් ඉතාමත් ඉහල තැනක තියෙනවා. ඔයාගේ servers පිහිටුවල තියෙන්නේ හුගාක් ආරක්‍ෂිත ස්ථානවල. එම data centers වලට ඇතුල් විය හැක්කේ ඒ සදහා අවසර ඇති විශේශිත පුද්ගලයන්ට පමණයි.
  • Customer Support එක ඔයා වෙනුවෙන් dedicated ලැබෙනවා. ඔයාගෙන ලැබෙන messages වල priority එක ඉහල තැනක තියෙනවා. ඒ හින්දා ගැටළුවක් ආවත් විනාඩි කිහිපයකදී කතා බහ කරලා, chat message එකක් දාල නිරාකරණය කර ගන්න පුළුවන්.

Dedicated Hosting ක්‍රමයේ අවාසි

  • ඉතින් පුතෝ මේකේ තියෙන එකම අවාසිය තියෙන්නේ price එක තමයි. බොහෝ hosting providers ලගේ starting price එක මාසෙට rs 20,000 ක් වගේ වෙනවා
  • අනිත් කාරණේ තමයි මෙතැනදී ඔයා වෙනුවෙන් තනි පරිගණකයක් ලැබෙනවා. ඉතින් ඔයාට හැකියාව තියෙන්න ඕනි පරිගණකය තනියෙම operate කර ගන්න.

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ, ඔයාට ඕනි security එක අතින් ඉහල, ලොකු computation power එකක් තියෙන අපේ භාෂාවෙන් නම් පට්ටම performance තියෙන PC එකක් නම් ඔන්න dedicated hosting තමයි ඔයාට හරි යන්නේ.

ඉතින් අපි ඊ ලගට කතා කරමු තවත් hosting ක්‍රමයක් ගැන. මේක තමයි දැන් trend එක වෙලා තියෙන්නේ. ඒ තමයි cloud hosting.

ඔයා ගොල්ලොන්ගේ ප්‍රශ්ණ සහ අදහස් පහත comment කරන්න. article එකට share පාරක් දෙන්න යාලුවන්ට දැනගන්නත් එක්ක.. තවත් ගින්දර article එකකින් හමුවෙමු. එහෙනම් හැමෝටම ජයෙන් ජය

 



Share your thoughts