What is Cloud Hosting?

Viewed 203 times
Updated Nov 19

ඉතින් ඔන්න web hosting පාඩම් මාලාවේ පස් වැනි වැනි දිග හැරුම තමයි මේ. ඔයා මේ පාඩම් මාලාවේ මුල ඉදන් සිටියේ නැත්නම් පහත article ටික කියවල මූලික දැනුම ලබා ගෙන ආව නම් වටිනවා.

ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ තවත් hosting ක්‍රමයක් ගැන. මේක තමයි අද කාලේ trend එක. ඒ තමයි Cloud hosting.

ඉතින් අපි දැන් Shared, VPS, Dedicated hosting ගැන කතා කළා. මේ හැම ක්‍රමයේම සමානකමක් තියෙනවා. ඒ තමයි මේ හැම ක්‍රමයෙදීම භාවිතා වුනේ තනි server එකක්. හැබැයි cloud එකේදී වෙන්නේ පරිගණක කීපයක් එකට සම්බන්ද කරලා ඔයාගේ වැඩේ කරලා දෙන එක.

ඔයා හිතන්න මෙහෙම. ඔයාට බඩගිනියි දැන් හොදටම. ඔයාගේ අම්මා ඔයාට දැන් කෑම එකක් හදල දෙනවා. අම්ම තමයි තනියෙම ළූණු, මිරිස්, අල කපල බත් ලිපේ තියල ඔයාට හදල දෙන්නේ. හරියට dedicated hosting වගේ, ඔයා වෙනුවෙන්මයි අම්ම කෑම එක හදන්නේ. හදන සියලු දේ ඔයාට. හිතන්න අම්මා ඔයාට කෑම එකයි නංගිට sandwiches හදනවා. ආ දැන් ඔයාගේ අම්මා projects දෙකකට share වෙලා. බත් එක කූරු ගාන වෙලාවට sandwiches එක කපන එක පරක්කු වෙනවා. මොකද අම්ම කියන තනි resource එක තමයි බත් හදන්නයි sandwiches හදන්නයි share වෙලා තියෙන්නේ. හරියට Shared Hosting වගේ. හරි දැන් ඔයා හිතන්න නංගිත් දැන් කුස්සියේ ඉන්නේ. නංගියි අම්මයි දෙන්නම එකතු වෙලා කුස්සියේ වැඩ කරනවා. මිරිස් දෙන්නම කපනවා. අම්මා ළූණු කපද්දී නංගි බත් එක කූරු ගානවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔයාගේ වැඩේ දෙන්නම එකතු වෙලා කරනවා. වෙන විදියකින් කියනවා නම් එකම site එක servers කීපයක් එකතු වෙලා බෙදාගෙන run කරනවා. ඔන්න ඕක තමයි සරලව Cloud Hosting කියන්නේ.

ඔයා google search එකක් කරද්දී ඔයාගේ request එක handle කරන්නේ තනි dedicated පරිගණයක් නෙවෙයි.  ඔයාගේ request එක ඒ වගේ පරිගණක රාශියක් එකතු වී සැදුණු network එකකට එහෙමත් නැත්නම් Cloud එකකට තමයි යන්නේ. එතකොට ඒකෙ load balancer එකක් ක්‍රියාත්මක වෙලා ඒ අදාළ request එක ඒ වෙලාවේ free වෙලා තියෙන server එකකට හෝ කීපයකට යොමු කරනවා. එතකොට අන්න ඒ server/s අදාළ search result එක ඔයාට දෙනවා. නංගි ඔයාට කෑම පිගාන ගෙනත් දුන්නට ඒ කෑම පිගාන හදන්න අම්මයි නංගියි දෙන්නම මහන්සි උනා. නමුත් ඔයාට පේන්නේ නංගි කෑම පිගාන ගේන එක. ඉතින් ඔන්න ඕකයි cloud වල scene එක. ඔයා Facebook එකේ එක එක photos shares කරද්දී, comments දාද්දි, videos බලද්දී ඔයා හිතනවද තනි PC එකකින් handle කරන්නේ කියල? ඒ ඒ function වලට වෙන වෙනම servers allocate කරලා තියෙන්නේ. පහත image එකෙන් පැහැදිලි කරලා තියෙන්නේ ඒක.

දැන් අපි බලමු මොනාද මේ ක්‍රමයේ පවතින වාසි සහ අවාසි.

Cloud Hosting ක්‍රමයේ වාසි

  • Pay as you go : ඔයා හාවීතා කරන විදිය අනුව තමයි ඔයා ගෙවන්න ඕනි. ඒ කියන්නේ මෙහෙම දෙයක්. හිතන්න ඔයා server එකක් ගත්තා monthly bandwidth එක 50GB තියෙන. ඒ කියන්නේ ඔයාගේ server එකේ ඉන්ටෙර්නෙට් usage එක 50gb දක්වා යන්න පුළුවන්. මේ 50GB bandwidth එක ගන්න ඔයා hosting provider ට USD 20ක් ගෙවනවා කියල හිතන්න. දැන් ඔන්න ඔයාගේ site එක පලවෙනි මාසේ use කරේ 5GB කියල හිතන්න. 45GB ම use කරලා නෑ. ඒත් ඔයාට 5gb package එකක් ගන්නත් බෑ. අඩුම package එක පටන් ගන්නේ 50GB pack එකෙන්. ඔයා නිරපරාදේ භාවිතා නොකරන GB ගානක් වෙනුවෙන් සල්ලි ගෙවනවා. හැබැයි cloud hosting වලදී ඔයාට අය කරන්නේ 1GB වලට හෝ MB ගානට. ඔයා GB 1ක් use කලොත් ඔයාට 1GB වලට තමයි cost එක හැදෙන්නේ. ඔන්න ඕක තමයි මේ සංකල්පයෙන් කියන්නේ.
  • Performance : cloud වලදී භාවිතා කරන්නේ අලුත්ම තාක්ෂනය. අනිත් එක servers රාශියකින් සැදුම්ලත් network එකක් through සිද්ද වෙන නිසා performance හුගාක් වැඩියි.
  • Reliability - ඒ කියන්නේ සෑම වෙලාවෙත් ඔයාගේ server එක online. downtime අඩුයි. හේතුව තනි PC එකක් down උනොත් ඔයාට ඒක up කරනකන් ඉන්න වෙනවා. නමුත් cloud වලදී servers කීපයක් අතර ඔයාගේ service එක බෙදාගෙන run කරන නිසා එකක් down උනත් වෙන server එකක් up වෙලා ඔයාගේ site එක online තියාගන්නවා.
  • Scalability : ඔයාට පහසුවෙන් ඔයාගේ HDD capacity, RAM capacity වැඩි කර ගන්න පුළුවන්. මොකද ඔයාට ලබා දීල තියෙන RAM එක physically එක PC එකක තියෙන RAM එකක් නෙවෙයි. RAM ගොඩාක් එකතු කරලා හදාගෙන තියෙන virtual ram එකකින් කොටසක් තමයි ඔයාට දීල තියෙන්නේ. ඒ හින්දා මේ virtually හදා ගත්තු RAM ඔයාට ඕනි විදියට අඩු වැඩි කර ගන්න පුළුවන්. අනිත්‍ resources ඔක්කොම එහෙමයි.

Cloud Hosting ක්‍රමයේ අවාසි

  • Cost : සාමන්යෙන් cloud hosting ක්‍රමයකට යන්නේ downtime අඩු කරගෙන , හොද සේවාවක් ලබා දීමටනේ. ඉතින් මේ ක්‍රමයට හුගක් අත ගහන්නේ profitable site එකක් තියෙන කෙනෙක්. ඉතින් cost එක මේකේ තියෙන වාසිත් එක්ක ගත්තම ගණන් ගන්න බැරි තරම්.
  • Complexity: ඉතින් මේක users ලට නම් අදාළ නෑ. නමුත් කවදාහරි දවසක ඔයා ඔයාගෙම කියල hosting company එකක් පටන් ගන්න ඉන්නවා නම් මතක තියා ගන්න normal Shared, VPS, Dedicated වලට වඩා හුගාක් advance cloud computing කියන ක්‍රමය. ඒ සදහා විශේෂිත වූ hardwares use කරන්න ඕනි.

 

ඉතින් අද කාලේ ඔයා ඔය ලොකු site කියල දකින Google, Yahoo, Ebay, Facebook මේ සෑම දෙයක්ම වැඩ කරන්නේ මේ Cloud Computing / Cloud Hosting මත.

ඉතින් ඇත්තටම අද කාලේ cloud hosting වලට හොද ඉල්ලුමක් ඇති වෙලා තියෙන නිසා ඉස්සරට වඩා prices ගොඩක් අඩු වෙලා තියෙනවා.

Hostgator එකේ එහෙම cloud computing USD 4.95/ Month වගේ ගාණකින් පටන් ගන්නේ.

 

 

ඉතින් දැනට තියෙන hosting වර්ග ගැන පාඩම් මාලාව මෙතනින් ඉවර වෙනාවා. අපි ඒ ළගට කතා කරමු domain සම්බන්දව. මේ කාරණා දන ගත්තම ඔය ගොල්ලොන්ට ඔයාගෙම site එකක් run කර ගන්න පුළුවන්. ප්‍රශ්ණ, යෝජනා පහත comment කරන්න. ජය වේවා!



Share your thoughts