What is Internet Money?

Viewed 237 times
Updated Nov 19

හරි ඔන්න අපේ ගින්දර කොල්ලෝ කෙල්ලෝ set එකට ගින්දර article set එකක් දෙන්න යන්නේ. දැන් ඉතින් හුගක් දෙනා කතා බහ කරන මාතෘකාවක් තමයි මේ Internet Money ගැන. අන්තර්ජාලයෙන් මුදල් උපයමු කියල හුගාක් දෙනා කතා බහ කරනවා. හුගක් අය මේ සම්බන්දව සම්මන්ත්‍රණ කරනවා, CD බෙදා හරිනවා ආදී නොයෙකුත් දේ කරනවා. ඉතින් අද අපි කතා කරමු මේ internet money ගැන. එතකොට ඔබලාට පුළුවන් ඔය එක එක ඒවාට මුදල් යට කරන් නැතුව හරියට මේ දේ කරන්න.

මොකද්ද මේ Internet Money කියන්නේ?

අද අපි ජීවත් වෙන්නේ තාක්ෂණික යුගයක. හැම දෙයක්ම Digital කරණය වෙලා. අද business අපි හදුන්වන්නේ e business කියල, market අද E market වෙලා. අද ඔබට වියාපාරයක් කරන්න ස්ථානයක් අවශ්‍ය නෑ. සෑම දෙයක්ම සිද්ද වෙන්නේ computer ලෝකේ තුල. මේ හැම වියාපාරයක්ම එකිනෙකට සම්බන්ද වෙලා තියෙන්නේ internet ඔස්සේ. ඉතින් ඔබ internet ඔස්සේ හම්බ කරන සෑම මුදලක්ම අප හදුන්වන්නේ Internet Money කියල. නැතුව මේකේ කිසිම magic එකක් නෑ. අනිත් එක ඔබ හිතනවා නම් ඔබේ ගමේ තියෙන සිල්ලර  කඩේ කරන අප්පුහාමි අයියට වඩා ලේසියෙන් internet එකෙන් සල්ලි හම්බ කරලා, මෑන්ස්ට අවුරුදු 10ක් උපයගන්න බැරි වුනු ආදායම ඔයා එක දවසෙන් හොයනවා කියල අන්න එතැන තමයි ඔයාට වැරදුනු තැන. මතක තබා ගන්න, මේ ලෝකේ කිසිම කෙනෙක්ට කිසිම ආකාරයක හෝ අමාරුවක් හෝ කැසිල්ලක් නෑ ඔබට පිනට මුදල් ලබා දෙන්න. ඔබට මුදලක් අවශ්‍ය නම් ඔබ එය හම්බ කර යුතුයි. ඔබ ඒ සදහා කැප විය යුතුයි. ඒ සදහා කාලය වෙන් කරන්න ඕනි. අවංක වෙන්න ඕනි.

හරි ඔන්න අපි දැන් මාතෘකාවට බහිමු. Internet එක හරහා සල්ලි හම්බ කර ගන්න ක්‍රම ගොඩාක් තියෙනවා. ඇත්තම කියනවා නම් සීමාවක් නෑ. නිශ්චිත ක්‍රමයක් නෑ. මෙතන magic එකක් නෑ. සාමාන්‍ය business විදියමයි. ඔයාට වෙලදපොලේ පවතින හිඩැසක් හොයාගන්න පුළුවන් නම්, මිනිසාගේ අවශතාවයක් සොයා ගන්න පුළුවන් නම් ඔයාට business එකක් ඇති කරන්න පුළුවන්. Demand එකට Supply එක දෙන එක තමයි හැම තැනම වෙන්නේ. හැබැයි ඊට වඩා profitable ඔයා හොද product එකක් හදල ඒක marketing කරලා ඒකට demand එක ඇති කරන එක. ඒක හරියට EGB නැතුව කෑම එපා Ad එක වගේ. තේරුනාද?

හරි මේ ක්‍රමයෙන් මුදල් හම්බ කරන ගොඩාක් ක්‍රම තියෙන නිසා මන් ඔය ගොල්ලොන්ට මේකේ තාලේ එහෙමත් නැත්නම් හරි පොට අල්ලලා දෙන්නම්.

ඔය ගොල්ලොන්ට පහත ක්‍රම වලින් හම්බ කරන්න පුළුවන්

  • ඔය ගොල්ලොන්ගේ හැකියාව විකිණීම තුලින් ( Friverr, Freelancing )
  • Google Adsense තුලින්
  • Youtube Adsense තුලින්
  • Ebay Selling මගින්
  • Local Advertising මගින්

මේ ඉතාමත් ස්වල්පයක් පමණයි. තව ක්‍රම අපි ඉස්සරහට කතා කරමු. නමුත් මා ඉහත සදහන් කරපු ක්‍රම වලින් ඔයාට ඉතාමත් සාර්ථක ලෙස හම්බ කරන්න පුළුවන්.

හරි ඔන්න ඕකට තමයි ඔය Internet වලින් මුදල් හම්බ කරනවා කියල කියන්නේ. අපි ඊ ලග article එකෙන් කතා කරමු Fiverr කොහොමද හරියට Use කරන්නේ, ඔයාගේ හැකියාව මුදල් බවට පත් කරගන්නේ කොහොමද? එම මුදල් ගෙදරට ගෙන්න ගන්නේ කොහොමද ආදිය පිලිබදව.

ඉතින් ඔන්න ලොකු වැඩකට set වෙන්න යන්නේ. ඒ හින්දා මේ article එක share කරලා යාලුවන්වත් මේකට set කර ගන්න. මතක තියා ගන්න. තනියෙන් ගොඩ යාමට වඩා පිරිසක් එතෙර කිරීම උතුම්. අපේ FB page එකට like එකක් දාලා වැඩේට set වෙමු. ඔය ගොල්ලොන්ගේ අදහස් මෙහි comment කරන්න. ජය වේවා!



Share your thoughts