Do you have a Sampath Web Card?

Viewed 234 times
Updated Nov 23

ඉතින් අද ඔන්න අපේ ගින්දර කොල්ලෝ කෙල්ලොන්ට කියල දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් භාණ්ඩ ගෙන්වා ගැනීමට payment කරන්න කොහොමද card එකක් හදා ගන්නේ කියල. කෙලින්ම කියනවා නම් කොහොමද සම්පත් web card එකක් හදාගන්නේ කියල.

ඉතින් අද අපි ඉන්නේ පරිගණක යුගයකනේ. නේද? ඉතින් කඩේකට ගිහින් බඩු ගන්න කාලේ දැන් ඉවරයි. අද අපි ඔක්කොම ගන්නේ online. හැමෝම Ebay ගැන දන්නවා ඇතිනේ. ඒක විතරක්ම නෙවෙයි. Amazon, Ali express වගේ තව site තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවෙත් මේ වගේ online shopping කරන්න පුළුවන් websites තියෙනවා. ඉතින් ඔයා මේ වගෙන් බඩු ගෙන්න ගන්න නම් මේවට online payment කරන්න ඕනි. භාණ්ඩ ගෙන්න ගන්න විතරක් නෙවෙයි හිතන්න ඔයාගේ ගෙදර Electricity, Water, Telephone bill ගෙවන්න ඕනි කියල. මේවත් ඔයාට online කරන්න පුළුවන්. දැන් අපි බලමු මේවා කොහොමද කරගන්නේ කියල.

ඉතින් අපි කඩේකට ගිහින් මොකක් හරි දෙයක් ගද්දි සල්ලි දෙන්න වෙනවනේ. ඒ වගේම තමයි අන්තරජාලය හරහා ගෙන්න ගනිද්දීත් සල්ලි දෙන්න වෙනවා. ඉතින් අපිට cash යවන්න බැරි නිසා card එකක් භාවිතා කරන්න වෙනවා. ඉතින් මේ article එක කියවන ඔබලා සෑම දෙනාටම bank account එකක් ඇති කියල මන් හිතනවා. ඉතින් ඔය ගොල්ලොන්ගේ account එකට ඔය ගොල්ලොන්ට ATM card එකක් හම්බෙලා ඇතිනේ. ඉතින් ඒකෙන් අපිට internet payment කරන්න බෑ.

Internet payment කරන්න නම් ඔයා Credit card එකක් ගන්න ඕනි. මේ Credit card එක VISA හෝ MasterCard වුනාට කමක් නෑ, කොහොම හරි credit card එකක් ඕනි. හුටා දැන් මොකෝ කරන්නේ.? ඉන්න ඉන්න තවම කතාව ඉවර නෑ, ඔක්කොටොම කලින් බලමුකෝ මොකද්ද මේ Debit Card සහ Credit Card කියන්නේ කියල.

Credit Card එහෙමත් නැත්නම් ණය පතක් භාවිතා කරලා internationally payment කරන්න ඔයාට පුළුවන්. ඒකෙදි ඔයාට ණය මුදලක් තමයි ලබාදෙන්නේ. ඔයාට ණය පතක් ගන්න ඕනි නම් ස්ථීර රැකියාවක් තියෙන්න ඕනි. ඔයාගේ Salary Slip පෙන්නලා ඔයාට පුළුවන් credit card එකකට apply කරන්න. ඔයාට job එකක් නැත්නම් ඔයාට fixed deposit එකක් දාල ඒක ඇපේට තියලත් card එකක් ගන්න පුළුවන්. එතකොට fixed deposit එකේ වටිනාකමෙන් 90% card එකේ available වෙනවා. ඉතින් උදාහරණයක් හැටියට ඔයාට ලක්ෂයක වගේ පඩියක් තියෙනවා නම් ඔයාට ලක්ෂ එක හමාරක වගේ credit card එකකට යන්න පුළුවන්. ඉතින් මේ ලක්ෂ එක හමාර ඔයාට බැංකුවෙන් දෙන තාවකාලික ණයක්. ඔයාට installment හැටියට භාණ්ඩ ගෙවන්න ගන්නයි , online purchase කරන්නයි මේ card එක use කරන්න පුළුවන්. ඉතින් මීට වඩා දුර විස්තර කලොත් මේක credit card ගැන ලිපියක් වෙන නිසාත් එය අපේ අරමුණෙන් බැහැරව යන නිසාත් අපි ආපහු track එකට එමු. ඉතින් ඔයා online items purchase කරන්න credit card use කලොත් risk එකකුත් තියෙනවා. දැන් ඔබට එය තේරුම් යන්න ඕනි. ඔයා Rs 1000ක payment එකක් කරන්න වැඩිපුර බින්දුවක් අගට දැම්ම කියල හිතන්න. දැන් 10000 . හැබැයි ඔයාට ගානක් නෑ. දැන් ඔයා නොසැලකිලිමත්කමෙන් මේක accpet කලොත් මේ ගාන ඔයාගේ card එකෙන් යනවා. ඇයි? ඔයාගේ card එකේ තියෙන්නේ ණයක්. ඔයා ගාව ඇත්තටම නැති උනත් බැංකුවෙන් ඒ ගාන ඔයා වෙනුවෙන් ගෙවනවා. දැන් තේරුනාද? හිතන්න මේක ඔයා අතින් වුනු වැරදීමක් නිසා උන දෙයක්. ඔයා hacker කෙනෙක්ගේ site එකකට නොදැනුවත්කමෙන් ගෙවීමක් කරනවා. hacker ට පුළුවන් transaction එක වෙන වෙලාවේදී අගට වැඩිපුර බින්දු එකතු කරන්න. ඉතින් ඒ නිසා credit card online payment කරන්න භාවිතය පිලිබදව මගේ නම් පැහැදීමක් නෑ.

අන්න ඔය දුර්වලතාවය නවත්වන්න තමයි Sampath වෙබ් Card එක එන්නේ. ඒක හරියට ඔයාගේ phone එකේ තියෙන prepaid sim එක වගේ. සල්ලි තිබ්බොත් තමයි ඔයාට කතා කර ගන්න පුලුවන්. සල්ලි නැත්නම් ඔයා card එකක් අරන් දානවනේ නේද? ඒ වගේ තමයි. online payment එකක් කරන්න ඕනි වුනු වෙලාවට ඔයාට තියෙන්නේ මේ card එකට අදාළ මුදල බැර කරන්න. මේ card එක credit card එකක් නෙවෙයි. ඒ නිසා ඔයා අතින් වැරදීමක් වෙලා අගට වැඩිපුර බින්දුවක් add උනත් card එකේ ඒ ගාන නැත්නම් transaction එක සිද්ද වෙන්නේ නෑ. ඉතින් මේ වෙබ් card එක VISA accept කරන ඕනි තැනකට දෙන්න පුළුවන්. හැබැයි මේ card එක භාවිතා කරලා ඔයාට ATM එකෙන් සල්ලි ගන්නයි, POS machine වලට සල්ලි ගෙවන්නයි use කරන්න බෑ. online payment විතරමයි use කරන්න පුළුවන්. නැත්නම් අපේ අයියලා ගැන දන්නවනේ.

ඔබට Rs 2500 වැනි මුදලක් දමා මේ card එකක් හදාගන්න පුළුවන්. ඒ දාන 2500 ඔයාගේ card එකේ available වෙනවා. ඔයාට දැනටමත් සම්පත් account එකක් තියෙනවා නම් මේ වෙබ් card එකේ annual fee එක RS 300 වෙනවා එහෙම නැත්නම් fee එක Rs 500 වෙනවා. ඉතින් මේ card එක ගන්න ඔයාගේ වයස අවුරුදු 18 ට වඩා වැඩි වෙන්නත් ඕනි හොදේ. ඉතින් ඔයාට තියෙන්නේ ලගම තියෙන sampath bank එකට ගිහින් ඔයාට වෙබ් card එකක් හදා ගන්න ඕනි කියල කියන්න විතරයි. ඉතුරු ටික ඒ ගොල්ලෝ බලාගනීවි.

ඉතින් පහත රූපයේ තියෙන පරිදි card එකක් තමයි ඔයාට ලැබෙන්නේ.

ඔය උඩම print කරලා තියෙන්නේ ඔයාගේ card එකේ ac no එක. ඔයා සල්ලි දාන්න ඕනි මේ no එකටයි. එතකොට ඊට පසේ card එක හිමි පුද්ගලයාගේ නම තියෙනවා. ඊට පස්සේ Expiry Date එක තියෙනවා, තව ඔයාට මේ card එක ගනිද්දී PIN code එකක් කියල ලැබෙනවා අංක 3ක එකක්.

ඔයාට මේ card එක ගන්න ඕනි කරන application form එක මේ site එකෙන් ගන්න පුළුවන්

https://www.sampath.lk/en/personal/cards/web-card

website එකකට ඔයා payment එකක් කරද්දී ඔයාගෙන් card එකේ no එකයි, Expiry Date එකයි, PIN code (CVV) එකයි තුනම අහනවා. ඒ විස්තර ඔයා හරියට දුන්නම ඔයාගේ transaction එක සිද්ද වෙනවා.

 

ඉතින් ඔන්න අද කතා කලේ samapth bank එකෙන් දෙන webcard එක ගැන. වෙනත් විවිද bank වලින් මේ වගේ card issue කරනවා. කොහොම නමුත් theory එක එකයි.

එහෙනම් කස්ටියටම ජය වේවා. ප්‍රශ්න සහ අදහස් comment කරන්න.

 



Share your thoughts