How to stop unwanted Ad popups ( අනවශ්‍ය Ad popups නවත්වමුද? )

Viewed 331 times
Updated Nov 16

ඉතින් අද අපේ ගින්දර කොල්ලෝ කෙල්ලෝ SET එකට කියල දෙන්න යන්නේ පොඩි software කෑල්ලක් ගැන. මේක webbroweser වලට එන addon එකක්. අපි ඔය එක එක site වලට යද්දී එක එක ads popup වෙනවනේ. වදයක් නේද? මොකක් හරි page එකක link එකක් click කරද්දී පහලින් තව popups ගොඩක් open වෙලා. සමහර popup නම් ඉතින් කියල දෙන්න ඕනි නෑනේ ආයුබෝවන්ඩ. ;)

සමහර popup වල නිකන්ම site එකක් load කරලා තියෙනවා. සමහර ඒවල youtube video එකක් play වෙනවා. සමහර එවල MP3 play වෙනවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඔය ගොල්ලොන්ගේ data වලින් තමයි මේවා කැපෙන්නේ. ඉතින් අපිට මේක නවත්වන්න  browser එකට install කරන්න පුළුවන් addon එකක් ගැන කියල දෙන්නයි යන්නේ.

ඉතින් මේ වගේ addons හුගක් තියෙනවා. ප්‍රසිද්දම එක තමයි AdBlock Plus

මේක ඔය ගොල්ලොන්ට Firefox, Chrome, Opera ආදී browsers වලට install කර ගන්න පුළුවන්.

අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියල.

ඔයා use කරන්නේ Google Chrome Browser එක නම් යන්න මේ link එකට

https://chrome.google.com/webstore/detail/adblock-plus/cfhdojbkjhnklbpkdaibdccddilifddb

ඔයා use කරන්නේ Firefox නම් යන්න මේ link එකට

https://addons.mozilla.org/en-US/firefox/addon/adblock-plus/

 

 

ඉතින් මේක Install කලාට පස්සේ browser එකේ right side එකේ ඔයාට මේ විදියට ඒක බලාගන්න පුළුවන්.

 

දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ. :)

 



Share your thoughts