What is this Torrent? ( මොනාද මේ torrents කියන්නේ? )

Viewed 272 times
Updated Nov 16

ඔබ අලුතින්ම release වෙච්ච Movies, Softwares Download කරන කෙනෙක් නම් ඒව ගැන හොයාගෙන යන කෙනෙක්නම් අනිවාර්යෙන් ඔයා ජීවිතේ එක දවසක හෝ මේ Torrent ගැන අහල ඇති. ඔයා දැනටමත් මේකෙන් වැඩ ගන්නවත් ඇති. සමහර softwares download කරන්න යද්දී පෙන්නනවා Direct Download කියල ඒ එක්කම එහා පැත්තේ තියෙනවා download  via torrent කියල. දැකල ඇතිනේ? නමුත් ඔබ දන්නවද ඇත්තටම මේ torrent කියන්නේ මොකද්ද කියල?

හරි මෙහෙමයි මචන්ලා.


Torrent කියන්නේ file sharing වලට ලොකේ තියෙන ප්‍රසිද්ධම ක්‍රමයක්.

Torrent  කියන්නේ BitTorrent වර්ගයක්.

දැන් මොකද්ද BitTorrent කියන්නේ?

BitTorrent  කියන්නේ Peer to Peer තාක්ෂනයන් වැඩ කරන Protocol එකක්. ඒ කියන්නේ මචන් දැන් ඔය ගොල්ලෝ Facebook යනවා කියල හිතන්න. එතකොට ඔය ගොල්ලෝ broweser එකේ FB කියල type කලාම FB server එකට ඔයා client විදියට request එකක් යවනවා මට FB page එක ලබා දෙන්න කියල. එතකොට තමයි එහෙන් HTML elements render වෙලා ඔය ගොල්ලොන්ගේ පැත්තට page එක එවන්නේ. ඒ කියන්නේ server සහ client සමබන්දතාවය තමයි මෙතන තියෙන්නේ. ඉතින් Peer to Peer  තාක්ෂණයේදී මේ system එකට සම්බන්දව සිටින සියලුම පරිගණක එක්තරා කාලයකදී server එකක් හැටියට වැඩ කරනවා, වෙනත් ඒ network එකේම ඉන්න පරිගනයකයට. හරි මන් දන්නවා තාම පැහැදිලි නෑ. යමුකෝ ඉස්සරහට.

 

දැන් ඔයා මොකක් හරි software එකක් මොකක් හරි site එකකින් direct  download කරද්දී ඒ site එක තමයි  server එක ඔයා තමයි client. ඔයා තමයි ඉල්ලන එක්කෙනා. එයා දෙන එක්කෙනා. දැන් පැහැදිලිද? ඔය දෙන්නා විතරයි scene එකේ ඉන්නේ. torrent වලදී වෙන්නේ ඔයා එක්කෙනෙක්ගෙන් ගන්නවා වෙනුවට ඒ වෙලාවේ network එකට සම්බන්ද වෙලා ඉන්න හැමෝගෙන්ම චුට්ට චුට්ට බා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔයා  download කරපු ඒවත් ඒ වෙලාවේ තව කොහේ හරි කෙනෙක් download කර ගන්නවා. හරි මේ රූපය බලන්නකෝ

 

දැක්කද? මැද ඉන්නේ original uploader. ඒත් එයා ඒක පටන් ගත්තට පස්සේ එතනින් එහාට එයාගෙන්ම කට්ටිය download කරන් නෑ. ඒ වෙලාවේ ඒක download කරන අය, තමා download කරපු ටික අනිත් අයටත් දෙනවා. සරලව කස්ටිය එකාවන්ව එකමුතුව වැඩ කරනවා එකම අරමුණක් උදෙසා. තේරුනාද? හිතන්න මොකක් හරි movie එකක් download කර ගන්න එකම server එකක් විතරක් තිබ්බ. මුළු ලෝකෙම ඒකට connect උනා කියල. ඉතින් ඒ වගෙ traffic එකක් තනි server එකකට දරා ගන්න බෑනේ. ඉතින් මේ ක්‍රමයේදී එහෙම වෙන්නේ නෑනේ. connect වෙලා ඉන්න හැම පරිගණයකයක්ම  තව පරිගණකයකට server එකක් විදියට වැඩ කරනවා. දැන් චුට්ට චුට්ට තේරෙනවා ඇති. තව ඉස්සරහට යමු.

ඉතින් මෙම ක්‍රියාවලියේදී ප්‍රදාන වශයෙන් පාර්ශව 5ක් ඉන්නවා

  • Peers:
  • Leecher:
  • Seeder
  • Trackers:
  • Torrent client

Peer

පියර් කෙනෙක් කියන්නේ මේ system එකට සම්බන්ද වෙන ඕනිම කෙනෙක්.

Leecher

හරි දැන් ඔය ගොල්ලොන්ට තේරෙන්න ඕනි මේක සාමුහිකව සිදු කරන ක්‍රියාවලියක්. ඔයා download කරන ගමන් තව කෙනෙක්ට ඔයාගෙන් download කර ගන්නත් දෙනවා. හැබැයි ඉතින් ආඩි හත් දෙනාගේ කැද හැලියේ සීනුත් මේ වගේ ඒවල වෙනවා. ලංකාවේ අපිට Data වල වැදගත්කම අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඉතින් හුගක් අය තමන්ට ඕනි එක download කර ගන්නවා හැබයි upload එක ලිමිට් කරනවා. දැන් මොකෝ වෙන්නේ. ඔයා ඔයාගේ වැඩේ කර ගන්නවා. හැබැයි ඔයාගෙන් තව කෙනෙක්ට ගන්න එක සීමා කරනවා. දැන් ඔයා ලේ උරා බොන පණුවෙක් වගේ. ඔයාගේ වැඩේ කරගන්නවා. අන්න මේ අයට තමයි Leecher කියන්නේ. Leecher ස්ල වැඩි වෙද්දී file එකේ avalability එක අඩු වෙනවා. ඇයි ඉතින් කවුරුවත් නෑනේ upload කරන කෙනෙක්.

Seeder

මොහු file download වගේම upload කිරීමත් සිදු කරනවා. මේ වගේ පුද්ගලයන් මත  තමයි මේ system එක රදා පවතින්නේ. Seeders ලා වැඩි වෙන තරමට file එකේ download speed එක වැඩියි.

Trackers:

ඉතින් දැන් කට්ටිය ඉන්නවා. මේ කට්ටියව හරියට සම්බන්ද කරවන්න ක්‍රමයක් තියන්නෙත් එපැයි නේද. ඉතින් tracker කියන්නේ server එකක්. මෙයා තමයි මේ seedsla, peersla ආදී ඔය සියලු දේ පාලනය කරන්නේ.

Torrent client:

හරි දැන් ඔක්කොම දේවල් ටික තියෙනවා. දැන් ඔය ගොල්ලෝ මේ පොකුණට බහින්නේ කොහොමද? එහෙමත් නැත්නම් මේ system එකට සම්බන්ද වෙන්නේ කොහොමද? අන්න එකට තමයි Torrent client කෙනෙක් ඕනි වෙන්නේ. ඔය ගොල්ලෝ ඔය uTorrent, BitTorrent කියල පොඩි app එකක් download කරලා ගන්නේ ඕක තමයි. ඔය ගොල්ලෝ ඔය PirateBay වගේ sites වලින් අර පුංචි torrent file එකක් ගන්නේ. අන්න ඕකෙන් තමයි ඔයාට මේ system එකට සම්බන්ද වෙන්න අවසර ලැබෙන්නේ.

හරි ඉතින් ඔන්න torrent ගැන මූලික දැනුමක් ලබා දුන්න මේ article එකෙන්. මේකේ තව සාගරයක් වගේ තියෙනවා. කොහොමද හරි torrent එකක් හොයා ගන්නේ, මොනාද මේවට හොද websites ආදී දේ සමගින් තව article එකකින් හම්බෙමු. ඔබට තියෙන ප්‍රශ්න comment කරන්න. එහෙනම් ගින්දර වගේ article එකකින් set වෙමු.



Share your thoughts