What is Web Hosting?

Viewed 289 times
Updated Nov 16

හරි අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ හුගාක් දෙනෙක්ට ඉතා වැදගත් මාතෘකාවක් ගැන.

Webhosting. සරලව කියනව නම් ඔය ගොල්ලොන්ගේ website එක හෝ Blog එක internet එකේ ඉන්න users ලට භාවිතා කිරීමට හැකිවන පරිදි ස්ථාපනය කර ගැනීම.

අපි Facebook වෙබ්අඩවිය ගමුකො. කවුරුත් දන්න site එකනේ. ඔයා address bar එකේ www.facebook.com කියල type කලාම FB site එක load වෙනවනේ. ඉතින් කොහොමද එහෙම වෙන්නේ?  ඔබ හට එය ලබා දීමට නම් ලෝකේ කොහේ හෝ තැනක එම site එකට අදාළ files ටික Save කරගෙන තියාගෙන ඉදල ඔබේ request එක ආපුවම ඒකට responce එකක් හැටියට site එක load කර වීම තමයි සිදු වන්නේ. මේකට අපි කියනවා server සහ client architecture එක කියල. පහත රූපය බලන්නකෝ.

 

Client තමයි ඔයා. Server එකේ තමයි Facebook තියෙන්නේ. ඔයා server එකට කියනවා මට FB එකේ Homepage එක load කරලා දෙන්න කියල. ඒකට response එක හැටියට ඔයාට page එක එවනවා. ආසයි නේ

ඉතින් මේ සදහා ලෝකේ කොහේ හෝ පරිගණකයක් දවසේ පැය 24 ම ක්‍රියාත්මකව පවතින අතර එය internet හා සම්බන්දව පවතිනවා. දැන් තේරුනාද? ඉතින් මේ පරිගණයට තමයි අපි Web Server එකක් කියල කියන්නේ. ලොකු කතා නෑ. මේකත් ඔය ගොල්ලොන්ගේ වගේ සරල පරිගණකයක් විතරයි. නමුත් ලොකු requests ප්‍රමාණයක් handle කිරීම උදෙසා මේවගේ Ram දාරිතාවය, HDD capacity එහෙම ගොඩාක් වැඩි කරලා තියෙන්නේ. අපි ලෝකයේ භාවිතා වන නවීන servers ගැන වෙනම දවසක කතා කරමුකෝ හොදේ.

ඉතින් ඔයා හදපු website එක ලෝකයාට ලබා දීමට නම් ඔයාගේ පරිගණකය පැය 24ම on එකේ තැබිය යුතු වන අතර website එකේ ස්වභාවය අනුව ඔබගේ පරිගණකයේ Hardware specs වෙනස් කල යුතු වේ. උදාහරණයක් හැටියට ඔයාගේ site එක normal texts තියෙන blog එකක් නම් එතරම් CPU power එකක් අවශ්‍ය නොවන අතර ඔබගේ site එකේ Video Streaming වෙනවා නම් (Youtube වගේ) එක වර usersla 1000ට වැඩි ප්‍රමාණයක්වත් online ඉන්නවා නම් අනිවාර්යෙන් RAM ආදියේ capacity එක වැඩි කරන්න වෙනවා. ඉතින් site එකක් පටන් ගන්න මුලදීම ඔයාට powerful server එකක් අවශ්‍ය නොවුනට පස්සේ කාලෙක requirement එක අනුව වෙනස් කර ගන්න වෙනවා. ඉතින් ඔයා normally use කරන desktop පරිගණකය හෝ laptop පරිගණකයට ඔය කියන විදියේ customization කිරීම එතරම් ප්‍රයෝගික නෑ නේද?  එපමණක් නොව හොද අන්තර්ජාල පහසුකමක් මෙන්ම , විදුලිය විසන්ධිවීමකින් තොරව පරිගණකය ක්‍රිරියාත්මකව තිබීමද අනිවාර්ය වෙනවා. මොකද විදුලිය ඇණ හිටීමකදී ඔයාගේ පරිගණකය නැවතුනා කියන්නේ ඒතුල host කරල තියෙන ඔයාගේ site එකත් users ලට unavaliable වෙනවා කියන එක. පරිගණකයක් පැය 24ම on එකේ තබනවා කියන්නේ අනිවාර්යයෙන් ලොකු රස්නයක් පරිගණකය තුලින් ජනනය වෙනවා. ඉතින් එය වැලක්වීමට ඔබේ පරිගණකය AC room එකක් ඇතුලේ තියන්න වෙනවා. ඉතින් ඔය දේවල් ටික ඔක්කොම කරලා ඉවර වෙද්දී ඔයාට හොද ගානකට තට්ටු වෙලා තියෙයි.

ඉතින් ඔය කරදරේ නැති කරන්න තමයි වෙබ් Hosting Providers ලා කරලියට එන්නේ. ඔයා සමහර විට අහල ඇති GoDaddy, HostGator, BlueHost, Amazon වගේ company වල නම්. මේ ගොල්ලෝ තමයි මේ කියන Hosting Providers ලා. ඉතින් මේ ගොල්ලෝ ඉහත මන් සදහන් කරපු හැම පහසුකමක්ම සලසලා මෙය මහා පරිමාණයෙන් කරගෙන යන කස්ටිය. අනිත් එක මේ providers ලා සියලු දෙනාම පාහේ USA base කොම්පැනි. ඒ රටවල අන්තර්ජාල පහසුකම් හුගාක් cheap. අපේ රටේ අපි පොඩි GB ගානට මරා ගත්තට ඒ රටවල TB ගණන් වලින් තමයි Bandwidth issue කරන්නේ. ඒ හින්දා ඔය ගොල්ලොන්ට server එකක් ලබා ගැනීමට දරන්න වෙන්නේ හුගාක් අඩු cost එකක්.

ඉතින් මේ company වල මේ වගේ තනි web servers ගොඩාක් තියෙනවා. මේ webservers රාශියක් තියෙන ස්ථානයක් Data Center එකක් හැටියට නම් කරනවා. ඉහත සදහන් කරපු සමාගම් හැම එකකම පාගේ Datacenters ලෝකය පුරා විහිදී පවතිනවා. එතකොට තියෙන වාසිය තමයි ඔයාට USA datacenter එකෙන් server එකක් purchase කරනවා වෙනුවට ඔයාට ලගම රටකින් server එකක් purchase කරන්න පුළුවන්. එතකොට ඔයාගේ site එකේ speed එකත් වැඩි වෙනවා.

ඔන්න බලන්න Datacenters වල photos ටිකක්.

පහත තියෙන්නේ Facebook වල Lulea Data Center එක.

ඉතින් ඔන්න සරලව වෙබ් hosting කියන්නේ මොකද්ද කියල පැහැදිලි කලා

ඒ ලග article එකෙන් කියල දැන්නම් webhosting types ගැන.

මේ යටතට එනවා

  • Shared Hosting
  • VPS Hosting
  • Dedicated Hosting
  • Cloud Hosting

ප්‍රශ්න තියෙනවා නම් අහන්නකො. ඊ ලග Article එකෙන් මන් ඔය ගොල්ලොන්ට කියල දෙන්නම් මොකද්ද මේ Shared Hosting Plan එකක් කියන්නේ සහ එය තෝරාගත යුත්තේ ඇයිද යන්න පිලිබදව. එහෙනම් කස්ටියටම ජය වේවා.

Article එක Share පාරකුත් දාන්නකෝ කස්ටියට දැන ගන්නත් එක්ක.

ඊ ලගට : What is Shared Hosting?

 



Share your thoughts