What is Shared Hosting?

Viewed 139 times
Updated Nov 16

ඉතින් කොහොමද අපේ ගින්දර කොල්ලෝ කෙල්ලෝ set එක? ඔන්න අද අපි continue කරනවා hosting පාඩම. මීට කලින් article එකේ මන් පැහැදිලි කරලා ඇති මොකද්ද මේ hosting කියන්නේ කියල සහ මොනවාද තියෙනවා විවිද hosting ක්‍රම කියල. ඒක බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ link එකෙන් ඒක කියවල එන්න.

What is Web Hosting?

හරි ඔන්න දැන් කතා කරන්න හදන්නේ දැනට තියෙන hosting ක්‍රම වලින් ඔයාට ඉතා පහසුවෙන් setup කර ගන්න පුළුවන් cost එක අතින් ඉතා අඩු ක්‍රමය ගැනයි. ඒ තමයි Shared Hosting.

මොකද්ද මේ Shared Hosting කියන්නේ?

Shared Hosting වලදී ඔයාගේ site එක host වෙන්නේ එහෙමත් නැත්නම් run වෙන්නේ තවත් ඔයාගේ වගේම වෙනත් site run වෙන single server එකක් ඇතුලේ. එතකොට මේ server එකේ තියෙන server resources ( RAM, CPU POWER ) ආදිය එහි run වෙන website අතරේ share වෙනවා. හිතන්න ඔයාගේ laptop පරිගණකයේ එකම වෙලාවේදී ඔයා MS Word open කර ගෙන ඉන්නවා, තව ඒ වෙලාවේම background එකේ video එකක් play වෙනවා, ඒ වෙලාවේම ඔයා internet browse කරනවා මෙන්න එකා පාර ඔයාට හිතෙනවා game එකක් play කරන්න ඕනි කියල අරව ඔක්කොම තියෙද්දී ඒකත් run කරනවා. ඉතින් මේ ඔක්කොටම ඕනි කරන RAM එක CPU Power එක ඒ ඒ applications වලට share වෙනවනේ නේද? ඒ වගේම තමයි Shared Hosting වලත්.

ඉතින් hosting provider ට පුළුවන් එම server එක ඇතුලේ host වෙන site වලට use කරන්න පුළුවන් උපරිම server resources ප්‍රමාණය කීයද යනාදිය. මේක ඔයා තෝරාගන්න package එකේ අගය මත වෙනස් වෙනවා.

ඉතින් ඔයා ඔයාට ගැලපෙන Shared Hosting package එක තෝරාගත්තට පස්සේ ඔයාට IP address එකක් ලැබෙනවා. ඔයා ලබා ගත්ත Domain Name එක මේ IP Address එකට link කලාම site එක run වෙනවා.

කිසිම website එකක් හෝ ව්‍යාපාරයක් එක රැයකින් දියුණු වූ ඒවා නෙවෙයි. ඒ හින්දා ඔබගේ website එක හෝ blog එක පටන් ගනිද්දී හුගාක් ලොකු traffic එකක්, daily visitors ල ප්‍ප්‍රමාණයක් නැති වේවි. ඒ හින්දා හුගාක් ලොකු ගණන් දීල වෙබ් server එකක් ගන්නවට වඩා පොඩි ගානකින් site එක start කර ගෙන වැල යන අතට මැස්ස බැදීම තමයි වඩාත්ම හොද දේ.

හරි අපි දැන් කතා කරපුවා සාරාංශ ගත කරලා බලමු මේ Hosting ක්‍රමයේ තියෙන වාසි අවාසි මොනවාද කියල

Shared Hosting වල වාසි

  • ඔයාට වැය වන්නේ ඉතාමත් අඩු මුදලක්. ඔයා ලොකු server resources ප්‍රමාණයක් use නොකරන නිසා ඔයාට pay කරන්න වෙන්නෙත් ඉතා අඩු මුදලක්. සාමාන්යෙන් මේ ගැන මාසෙකට RS 600 විතර වෙන්නත් පුළුවන්. ( Dedicated Hosting වලදී මේ ගාන Rs 25000 විතර වෙනවා. මේ ගැන පස්සේ දවසක කතා කරමු )
  • ඔයා තෝරා ගත් package එක ඔයාට මදි නම් ලේසියෙන්ම ඔයාට ටිකක් ලොකු package එකකට upgrade කර ගැනීමේ පහසුකම ලැබීම.
  • ඔය ගොල්ලෝ දැනටමත් අහල ඇති cPanel ගැන. ඉතින් Shared Hosting වලදී මේක default එන නිසා ඔය ගොල්ලොන්ට ලේසියෙන්ම site එකක් host කර ගන්න පුළුවන්.  ( පස්සේ දවසක මේ  ගැන ලිපියක් ලියන්නම්කො )
  • ඔයාට ලැබෙන්නේ server එකකින් පොඩි කොටසක්. ඒ කොටස ඇතුලේ ඔයාගේ site එක run වෙනවා. ඔයාගේ site එක වගේම තවත් site ඒ තුල තිබෙන නිසා hosting provider විසින් එම පරිගණකය හොදින් maintain කරනවා. ඒ නිසා පරිගණකයේ security, maintainability සම්බන්දව ඔයාට worry වෙන්න ඕනි නෑ.

 Shared Hosting වල අවාසි

  • ඔයාට ලැබෙන්නේ ලොකු server එකකින් ඉතා කුඩා resources ප්‍රමාණයක්. ඉතින් ඔයාට හුගාක් ලොකු site එකක් run කර ගන්න බැරි වේවි. site එක බර වැඩි නම් load වෙන්නත් වෙලා ගනීවි.
  • ඔයාගේ site එක තවත් site ගොඩකින් එකක් පමණයි. පරිගණකයේ resources සියලු site අතර බෙදී යාමක් සිදු වන නිසා එක site එකක් වැඩිපුර resources බාවිතා කළහොත් අනෙක් site වලටද එය බලපානවා.
  • server එකේ අනිත් site මොනවාද කියල ඔයා දන්නේ නැහැනේ. සමහරවිට ඒ site වලට hackers ලා attack කිරීමක් කළහොත් සමහර විට මුළු server එකම down වී ඔයාගේ site එකත් offline යන්න පුළුවන්.
  • ඔයාට ලැබෙන account එකේ ඔයාට කරන්න පුළුවන් සීමිත දේවල් ටිකක් පමණි. site එකේ files ටික upload කරන්න, ඒක run කරන්න, CDN එකක් connect කරන්න වගේ ඉතා සුළු දේවල් ටිකක් තමයි කරන්න පුළුවන්. කොටින්ම service provider විසින් ඔයාට කරන්න අවසර දීල තියෙන දේවල් විතරයි ඔයාට කරන්න පුළුවන්. ඔයාට බෑ operating system එකේ settings වෙනස් කරන්න. performance tweaks ආදිය කරන්න. ඉතින් දීල තියෙන විදියට පාවිච්චි කරන්න තමයි තියෙන්නේ.

දැන් ඔයාට තේරෙනවා ඇති මොකද්ද මේ Shared Hosting කියල කියන්නේ.

මේ hosting ක්‍රමය අද කාලේ සෑම hosting provider කෙනෙක්ම සපයනවා. ඒ අතරින් Hostgator, GoDaddy, BlueHost වගේ සමාගම් පෙරමුණේ ඉන්නවා.

ඉතින් ලබා ඇති අත්දැකීම අනුවයි, Feedback අනුවයි මන් ඔය ගොල්ලොන්ට recommend කරනවා HostGator එකත් එක්ක Shared Hosting කරලා බලන්න කියල. මොකද 2002 ඉදන් තමයි මේ ගොල්ලෝ සේවාව සපයන්නේ. ඔයා ඕනි තැනක search එකක් දාල feedback බලන්න. හැම තැනම තියෙන්නේ positive feedback. අනිත් එක ඉතා වැදගත්ම දේ තමයි Ticketing System එක. ඒ කියන්නේ ඔය ගොල්ලොන්ට මොකක් හරි Issue එකක් අවොත් ලේසියෙන්ම ඔය ගොල්ලොන්ට හැකියාව තියෙන්නේ ඕනි hosting provider ගේ customer support agent කෙනෙක් Over the Phone හරි Chat එකෙන් හරි සම්බන්ද කර ගන්න. ඒ අතින්ද Hostgator ඉදිරියෙන් ඉන්නවා.

ඉතින් ඒ ගොල්ලොන්ගේ site එකට මෙතනින් පිවිසිලා බලන්න.

 

දැක්කනේ අඩුම Package එකේ ගාන USD 3.95 ඒ කියන්නේ දළ වශයෙන් ලංකාවේ මුදලෙන් Rs 600 මාසෙකට.ඉතින් ඔයා කොත්තු 3ක් කන ගාන. try කරලා බලන්න.

මන් මේ ගැන වෙනම article එකක් දාන්නම් කොහොමද register වෙලා hosting කරන්නේ කියල. හැබැයි අපේ වැඩ කාරයන්ට මේවා nothing.

ඉතින් මන් ඊ ලග article එකෙන් ඔය ගොල්ලොන්ට කියල දෙන්නම් මොකද්ද මේ VPS hosting

කියන්නේ කියල.

ඊ ලගට : What is VPS Hosting?

ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔබගේ අදහස් අපට වටිනවා. යාළුවන් අතරේ Share පාරකුත් දාමු නේද?

 



Share your thoughts