What is VPS Hosting?

Viewed 249 times
Updated Nov 18

ඉතින් ඔන්න Web Hosting පාඩම් මාලාවේ තුන්වෙනි article එක තමයි මෙසේ දිග හැරෙන්නේ. මීට කලින් මන් ඔයගොල්ලොන්ට පැහැදිලි කළා මොකද්ද මේ වෙබ් hosting කියල කියන්නේ සහ ඔබ ඔබගේ website එක සදහා ආරම්භයේදී Shared Hosting භාවිතා කල යුත්තේ ඇයිද යන්න.

ඉතින් ඔය ගොල්ලොන්ට ඒ articles miss උනා නම් මේ links වලින් ගිහින් බලල idea එකක් අරන් එන්නකෝ

හරි එහෙනම් අද පාඩම එතැන් සිට.

අද අපි බලමු මේ VPS hosting ගැන.

VPS කියන අකුරු තුනේ සම්පූර්ණ තේරුම තමයි Virtual Private Server. ඉතින් මේක ගැන පැහැදිලි කරන්න කලින් මන් පොඩ්ඩක් Shared Hosting ගැන පැහැදිලි කිරීමක් කරනවා. මොකද මේ දෙකම ඔය ගොල්ලොන්ට එක හා සමාන වගේ පෙනේවි. නමුත් එහෙම නෑ.

Shared Hosting වලදී ඔයාගේ site එක run වෙන්නේ තවත් ඔයාගේ වගේම වෙනත් site run වෙන single server එකක් ඇතුලෙනේ. මතකනේ? ඉතින් ඔයාට Hosting Provider විසින් දීල තියෙන OS එකේ සහ දීල තියෙන configuration එක්ක තමයි කටයුතු කරන්න සිද්ද වෙන්නේ. Customization කර ගන්න බැරි තරම්. මොකද ඔයාගේ site එක තවත් එක් site එකක් විතරනේ. ඒ විතරක් නෙවෙයි server එකේ තියෙන server resources ( RAM, CPU POWER ) ආදිය එහි run වෙන websites අතරේ share වෙනවා. හරි දැන් එමු නැවත VPS වෙත. මේකෙත් අර වගේ site කීපයක් එකම server එකක් ඇතුලේ run වෙනවා තමයි. Resources ආදියත් Share වෙනවා තමයි. හැබැයි ටික වෙනස් ආකාරයකට.

VPS වලදී ඔයාට server එකේ පොඩි කොටසක් ලබා දෙනවා. ඔයාට වගේම මේ server එකේ host වෙන අනිත් sites වලටත් ලබා දෙනවා. නමුත් විශේෂත්වය වන්නේ මේක ඔයාටම වෙන් වුනු private environment එකක්. මෙහිදී ඔයාට ඔයා ඉල්ලන Ram ප්‍රමාණය, HDD ප්‍රමාණය, තව resources තියෙනවා නම් ඒවා assign කරනවා. හැබැයි ඒවා ඔයාට පමණයි. ඔයාගේ RAM ප්‍රමාණය වෙනත් කෙනෙකු හා Share වෙන් නෑ. ඔයාට ඔයාගේ environment එක ඇතුලේ ඕනි OS එකක් install කර ගන්න පුළුවන්. කැමති ඕනිම software එකක් install කර ගන්න පුළුවන්. ඉතින් ඔයාට shared hosting වලට හොද customization එකක් මේ තුල තියෙනවා. මෙය shared hosting වලට වඩා සෑහෙන ප්‍රමාණයකින් speed.

ඉතින් මේ private environment ක්‍රමයට කියන විශේෂිත වූ නමක් තියෙනවා. ඔයා අහල තියෙනවද virtualization කියල වචනයක් ගැන. අන්න ඒක තමයි මෙහිදී සිද්ද වෙන්නේ.

“Virtualization is the creation of a virtual -- rather than actual -- version of something, such as an operating system, a server, a storage device or network resources.”

Source : Techtarget.com

ඉතින් සරලව පැහැදිලි කරනවා නම් Shared hosting කියන්නේ හරියට අපි අපේ යාලුවෝ set එකක් එක්ක පොඩි කාමර කෑල්ලක ඉන්නවා වගේ. හැම resource එකක්ම share වෙනවා. එකෙක් iron එක ගත්තොත් අනිත් එකාට නෑ. එකෙක් bathroom එකට රින්ගුවොත් mans එනකන් අනිත් අය ඉන්න ඕනි.දැන් පැහැදිලිද?

එතකොට VPS කියන්නේ ඔයා Building එකක apartent එකක් ගත්තා වගේ. බොහෝවිට සෑම apartment එකක්ම එක වගේ. attach bathroom තියෙනවා. TV තියෙනවා. ඔයාගේ apartment එක ඔයාට පමණයි. ඔයාට යාලුවෝ එක්ක තනි room එකක ඉන්නවට වඩා පහසුවෙන් apartment එකේ modifications කරන්න පුළුවන්. එහෙම නේද? ඔන්න ඕකයි වෙනස

ඉතින් අපි සරලව බලමු මොනවාද වාසි අවාසි කියල

VPS hosting වල වාසි

  • Dedicated hosting (තමන්ටම වෙන් වූ පරිගණයක් ලබා ගැනීම) වලට වඩා මෙය cost එක අතින් අඩුයි.
  • Shared hosting වලට වඩා හොද control එකක් ඔයාගේ server එක සම්බන්දව ඔයාට තියෙනවා. ඔයාට කැමති software එකක්, OS එකක් install කර ගන්න පුළුවන්.
  • ඔයාට ඕනි උනොත් ram හෝ වෙනත් resource එකක් වැඩි කර ගන්න ලේසියෙන්ම පුළුවන්.
  • සාමාන්‍යයෙන් ඔයාට මේකට වැඩිපුර ගානක් ගෙවන්න වෙනවා. ඒ හින්දා hosting company වලින් ඔයාට විශේෂ සැලකිල්ලක් දක්වනවා customer support වලදී උනත්. ඒක ඉතින් ස්වබාවයනේ නේද? වැඩි සල්ලි වලට වැඩි සැලකිලි.

 VPS hosting වල අවාසි

  • ගාන නම් වැඩියි පුතෝ මේක shared hosting එක්ක බලද්දී. Shared hosting අවම පටන් ගන්නේ USD 4 වගේ උනාට VPS පටන් ගන්නේ මාසෙකට USD 20 වගේ ගානකින්.
  • ඔයාට මේකේ customization කරන්න හුගක් හැකියාව ලැබෙන නිසා ඔයා තනියෙම PC එකක් operate කරලා එන දැනුම මේකට ඕනි වෙනවා.ඕක නම් ඉතින් කාලයක් යද්දී හරි යනවා

ඉතින් ඔයා දැනටමත් shared hosting use කරන කෙනෙක් නම් ඔයාට හිතෙනවා නම් ඔයාගේ blog එක ටිකක් slow කියල ඔයාගේ blog එකට එන users ලගේ request ආදිය handle කරන්න දැන් server එක මදි වගේ හිතෙනවා නම් VPS තමයි හොදම විසදුම.

ඉතින් Hostgator එකේ තමයි දැනට අඩුම සහ විශ්වසනීයත්වයෙන් යුතුව VPS සේවාව ලබා දෙන්නේ. මේ ගොල්ලෝ කාලෙන් කාලෙට promotion ආදිය කරන නිසා ඔයා ගොල්ලොන්ට පට්ටම වාසියි. ඉතින් try කරලා බලන්නකෝ

අපි ඊ ලග ලිපියෙන් කතා කරමු dedicated hosting ගැන. එහෙනම් කස්ටියටම ජය වේවා. Comment කරන්න Share කරන්න.

ඊ ළගට : What is Dedicated Hosting?



Share your thoughts